ශ්‍රී ලංකාවෙන් පළමුවරට කොවිඩ් 19 ආසාදිත දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
ඊයේ(22) දිනය තුළදී කොවිඩ් 19 ආසාදිතයන් 4304 දෙනෙක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරන්නේ.
ඉන් ආසාදිතයන් 4282 දෙනෙක් මෙරටින් හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස විදේශගතව සිට පැමිණි පිරිස් අතරින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 390000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් 19 ආසාදිත මරණ 183ක් ඊයේ දිනයේදී තහවුරු කිරීමත් සමගින් කොවිඩ් 19 ආසාදිතව මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 7366ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එලෙස වාර්තා වූ මරණ 183 අතරින් මරණ 107ක් පිරිමි පුද්ගලයන් වන අතර සෙසු පිරිස කාන්තාවන් වනවා.
ඒ අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකුද වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ.
ඊයේ(22) දිනයේදී එලෙස සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ ඊට පෙර දින(21) සිදු වූ මරණයි.
මේ අතර කොවිඩ් 19 ආසාදිතව මෙරට රෝහල්ගතව හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි හෝ නිවෙස්හි ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත සංඛ්‍යාව 40475ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
එසේම ආසාදිතයන් 342159 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
Hits: 2