ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඇමති නාමල් කියයි

0 35

කොවිඩ් වසංගතය පාලනය කරන අතරම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, දිවයිනපුරා ක්‍රියාත්මක මහා පරිමාණයේ හා ග්‍රාමීය මට්ටමින් සිදුවන කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයට ලක්වනවා.

එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීම, නියමිත ප්‍රමිතිය, අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් නියමිත කාලවකවානුවලදී එම ව්‍යාපෘතීන් අවසන් කිරීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වලදී අධීක්ෂණය කරනු ලබනවා.

සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

සෞභාග්‍යයේ දැක්ම හරහා ජනාධිපතිතුමා සංවර්ධන වැඩපිළිවෙල ඉදිරිපත් කළා.

කෝවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක අපි ආර්ථික හා සමාජීය වශයෙන් විශාල පසුබෑමකට ලක් වුණා.

මෙය ගෝලීය වසංගතයක් නිසා ගෝලීය වශයෙනුත් අනෙක් සෑම රටක්ම මේ තත්ත්වයට මුහුණ පෑවා.

වසංගත තත්ත්වයට මුහුණදෙන අතර ම නව සමාන්‍යකරණයත් සමග ඉදිරියට ගොස් රට විවෘත වනවිට එන්නත්කරණය අවසන් වනවිට රට ආර්ථික වශයෙන් ශක්තිමත්වීමට ග්‍රාමීය හා ජාතික සංවර්ධනය ඉදිරියට යා යුතුයි.

ඒ අනුව, අද අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ විශාල සංවර්ධන යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා.

මේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා සමග විෂයභාර කැබිනට් අමාත්‍යතුමාලාගේ ආශිර්වාදයත් සමග මෙම කලාපයේ ක්‍රියාත්මක වන සංවර්ධන යෝජනා ක්‍රම නිසි ප්‍රමිතියට සහ වෙලාවට අවසන් කිරීම අධීක්ෂණය කිරීමයි අපේ වගකීම.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, ශෙහාන් සේමසිංහ, යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා, ජොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වී සිටියා.

Hits: 1

You might also like
Comments
Loading...