දරුවන් ගැන නොසිතුවහොත් දරුවන් අතර කොවිඩ් පොකුරු ඇති විය හැකියි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති කියයි

0 15

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර වයස අවුරුදු 12ට වැඩි පාසල් සිසුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට කටයුතු නොකළහොත් දැනට සමාජයේ ආසාදිතයන් ව්‍යාප්ත වී ඇති ආකාරයට දරුවන් අතරේද කොවිඩ් පොකුරු වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද ඔහු සඳහන් කර සිටිනවා.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට ලොව පුරා බහුතර රටවල්වල වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා එන්නත් ලබාදෙමින් සිටින බවයි.

එන්නත් ලබාදීම, එන්නත් බෙදාහැරීම සහ ප්‍රමුඛතාවය හඳුනාගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් බිම් මට්ටමේ සිටින මහජනතාව ප්‍රශ්න කර සිටින බවද ඔහු ප්‍රකාශ කර සිටිනවා.

උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ වයස අවුරුදු 60ට වැඩි පිරිසට මුලින් ප්‍රමුඛතාවයක් ලබානොදීම සහ පාසල් දරුවන්ට ප්‍රමඛතාව ලබානොදීම සම්බන්ධයෙන් මහජනයා දැඩි ලෙස අප්‍රසාදය පළකරන බවයි.

එසේම ඔහු පවසන්නේ පාසල් ආරම්භ කරන්නේ නම් ආරම්භයට පෙර අනිවාර්යයෙන්ම දරුවන්ට සුදුසු එන්නතක් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

Hits: 0

You might also like
Comments
Loading...