අජිත් නිවාඩ් මහබැංකු අධිපති ලෙස දිවුරුම්දීම බ්‍රහස්පතින්දා?

0 26

මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 8ට තමන් වැඩ භාරගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ආශීර්වාද ලබා ගැනීම සදහා මිහින්තලා රජමහා විහාරය වෙත ඊයේ (11) පැමිණ එහි විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීයි.

මහබැංකුවේ නව අධිපති ලෙස පත්වීම වෙනුවෙන් තමන් හෙට(13) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රිධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙහිදී විහාරාධිපතිහිමියන් වෙත පවසා තිබෙනවා. 

මෙහිදී පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත අනුශාසනාවක් ද කර තිබෙනවා. 

Hits: 1

You might also like
Comments
Loading...