නීති විරෝධිව ගවයින් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

මාධව කුලසූරිය - වවුනියාව

0 23

නීති විරෝධි අයුරින් කැබ් රථයක පටවා ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ(11) දින අත්අඩංගුවට ගෙන ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරක් මත හොරොව්පොතාන ප්‍රදේශයේ සිට වවුනියාව දක්වා බලපත් නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු වන අතර, සැකකරුවන් කැබ් රථය තුළ ගවයින් හය දෙනෙකු පටවා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කැබ් රථය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 0

You might also like
Comments
Loading...